දෝනි වෙනුවට කාර්තික් ?

Tuesday, 20 March 2018 - 8:52

%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%3F
නිදහස් කුසලාන අවසන් මහා තරඟයේදී බංග්ලාදේශය පරදවා ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට මහඟු දායකත්වයක් දැක්වූ දිනේෂ් කාර්තික්, මහේන්ද්‍ර සිං දෝනිට විකල්පයක් වනු ඇතැයි ක්‍රීඩා මාධ්‍ය පෙන්වා දෙනවා.

එම තරඟයේදී කාර්තික් පන්දු 08කින් නොදැවී ලකුණු 29ක් ලබා ගත් අතර, අවසන් පන්දුවේදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 05 ලබා ගත්තේ හයේ පහරකින්.

ඔහු කඩුලු රකින ක්‍රීඩකයෙකු ද වීම නිසා 2020 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී දෝනිට විකල්පයක් ලෙස යොදවනු ඇතැයි ඉන්දීය මාධ්‍යවල අදහස වී තිබෙනවා.

නිදහස් කුසලාන පන්දුවාර 20 තරඟාවලියේ අවසන් තරඟය ජය ගන්නට ඉන්දීය කණ්ඩායම පසුගියදා (18) සමත් වුණා.

ඒ අවසන් මහා තරඟයේ දී ඉන්දියාව සමඟ තරඟ කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 04කින් පරාජය කරමින්.

තරඟයේ අවසන් පන්දුවාරය පහතින්.