කගිසෝ රබාඩා යළි පිටියට

Tuesday, 20 March 2018 - 15:19

%E0%B6%9A%E0%B6%9C%E0%B7%92%E0%B7%83%E0%B7%9D+%E0%B6%BB%E0%B6%B6%E0%B7%8F%E0%B6%A9%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
දකුණු අප්‍රිකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩාට පනවා තිබූ තරග තහනම ඉවත් කර තිබෙනවා.

ඒ එල්ලවී තිබූ චෝදනාවන් සම්බන්ධයෙන් ඔහු ගොනු කල අභියාචනය විභාගයෙන් අනතුරුවයි.

ඒ අනුව කේප්ටවුන් හිදී පැවැත්වෙන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට කගිසෝ රබාඩාට අවස්ථාව හිමිවනවා.

එල්ලවු චෝදනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඊයේ පැවැත්වුනා.

ඒ අනුව තීරණය වී ඇත්තේ තරග මුදලින් සියයට 25 ක දඩයක් පැනවීමට සහ අසාදු ලකුණක් ලබාදීමටයි.

පෝර්ට් එලිසබෙත්හිදී පැවති ටෙස්ට් තරගයකදී ඕස්ට්‍රේලියා නායක ස්ටීව් ස්මිත් දැවීගිය අවස්ථාවේදී හිතාමතාම ඔහුගේ සිරුරේ උරහිස ගැටීමට සැලැස්වීම රබාඩාට එරෙහි චෝදනාවයි.

එම තරගය අවසානයේ කගිසෝ රබාඩාට අසාදු ලකුණු 3 ක් පනවනු ලැබුවා.

එම ලකුණු 3 ත් සමග ගතවු මාස 24 ක කාලය තුල ඔහු ලබාගෙන තිබු අසාදු ලකුණු 8 ක් වීම හේතුවෙනුයි ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවුනේ. .

කෙසේවෙතත් ඔහු එම තීරණයට විරුද්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අභියාචනයක් ගොනුකරනු ලැබුවා.