කෝලිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් උපදෙසක්

Saturday, 24 March 2018 - 18:04

%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
අගෝස්තු මාසයේ එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කරන ලෙසට ඉන්දීය පිතිකරු විරාත් කෝලිට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය උපදෙස් ලබාදී තිබෙනවා.

අගෝස්තු මාසයේදී ආරම්භ වන මෙම ටෙස්ට් තරගාවලියට තරග 5 ක් ඇතුලත්.

මේ අනුව ජුනි මාසයේදී බෙන්ගලුරුහිදී පැවැත්වෙන ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගය විරාත් කෝලිට අහිමිවන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ජුලි මාසයේදී එංගලන්තය සමග පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියට පෙර විරාත් කෝලි ප්‍රාන්ත ක්‍රිකට් තරග ක්‍රීඩා කළ යුතු වනවා.

කෙසේවෙතත් ඔහු සම්බන්ධ වන්නේ කුමන රටක් නියෝජනය කරමින් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

ලන්ඩනයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම සමග විරාත් කෝලිගේ සම්බන්ධයක් පැවතීම හමුවේ ඔහු එම කණ්ඩායම සමග එක්ව ප්‍රාන්ත තරග ක්‍රීඩා කරනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.

එහෙත් ඊට අදාළ ගිවිසුමක් මෙතෙක් අත්සන් කර හෝ සාකච්ඡාවක් පැවැත්වී ඇති බවට හෙළිවී නැහැ.

කෙසේවෙතත් පසුගිය වසරේ සරේ කණ්ඩායම විරාත් කෝලි සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විමසීමක් කර තිබුනා.

ඇෆ්ගනිස්ථාන සංචාරය හේතුවෙන් ඔහු ලබාදිය නොහැකි බවටයි ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශකර තිබුනේ.

කෝලි විදේශීය කණ්ඩායමක් සමග ප්‍රාන්ත තරග ක්‍රීඩා කිරීමට එක්වුනහොත් විදේශීය කණ්ඩායම් සමග එක්වු තුන්වන ඉන්දීය ක්‍රීඩකයා බවට ඔහු පත්වනු ඇති.

මෙ වන විට චිතේශ්වර් පුජාරා සහ ඉෂාන්ත් ශර්මා විදෙස් කණ්ඩායම් සමග එක්ව සිටිනවා.

මෙවර අයි පී එල් වෙන්දේසියේදී අලෙවි නොවු ඔවුන් දෙදෙනා යෝර්ක්ශයර් සහ සසෙක්ස් කණ්ඩායම් නියෝජනය කරමින් ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කරනවා.