කොල්කටා නයිට් රයිඩර්ස් ඉදිරියේ බැංගලෝර් රාජකීයන්ට දරුණු පරාජයක්

Monday, 09 April 2018 - 10:27

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර තරඟය ඊයේ (08) පැවැත්වුනේ කොල්කටා නුවරදියී.

මෙම තරඟය තියුණු තරඟයකින් අනතුරුව ජය ගන්නට සමත්වුනේ කොල්කටා කණ්ඩායමයි.

ඔවුන් මෙම තරඟය ජය ගත්තේ කඩුලු 04කින්.

කොල්කටා ආරාධනයෙන් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිල නියමිත පන්දුවාර 20 තුල කඩුලු 07කර රැස්කළ ලකුණු සංඛ්‍යාව 176ක්.

එහිදී බැංගලෝර් කණ්ඩයම වෙනුවෙන් ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 43ක් රැස් කළ අතර විරාත් කෝලි ලකුණු 31ක්, ඒ.බී.ඩිවිලියස් ලකුණු ලකුණු 44ක් සහ මන්දීප් සිං ලකුණු 37 බැගින් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 18යි පන්දු 05කදීයි.

නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භ පිතිකරු සුනිල් නරායන් පන්දු 19කදී ලකුණු 50ක් රැස් කළේ හයේ පහර 05ක් සහ හතරේ පහර 04ක් සමඟින්.

මේ අතර ඊයේ පැවති තරඟයකදී කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ ලෝකේශ් රාහුල් පන්දු 14කදී අර්ධ ශතකයක් රැස් කරමින් අයි.පී.එල්. වේගවත්ම අර්ධ ශතකය රැස් කළා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය කොල්කටා නයිට් රයිඩර්ස් නායක දිනේෂ් කාර්තික් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 35ක්.

ඔහුගේ ඉනිමට දර්ශනීය හතරේ පහර 04ක් ඇතුළත් වුණා.

නිමා වූ නිදහස් කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශ කණ්ඩයම පරාජය කරමින් අවසන් මහා තරඟයේදී ඉන්දීය කණ්ඩායමට තියුණු ජයග්‍රහනයක් හිමිකර දීමත් සමඟ කාර්තික් 20-20 පිටියේ කතාබහට ලක්වූ චරිතයක් බවට පත්වුණා.

ඔහු දැක්වූ එම දක්ෂතාවයත් සමඟයි කාර්තික් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වට පත් කෙරුණේ.

තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තේ කොල්කටා කණ්ඩායමේ සුනිල් නරායන් විසින්.