අසංක ගුරුසිංහට තවත් වගකීමක්

Saturday, 21 April 2018 - 11:35

%E0%B6%85%E0%B7%83%E0%B6%82%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරි තනතුරට පත් කර තිබෙනවා.

කණ්ඩායමේ ඉහළ දක්ෂතා ප්‍රවර්ධනය කිරීම ඔහුට පැවරෙන අතර, නව තනතුර මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.

ශ්‍රී ලංකා පිලේ ඉහළ දක්ෂතා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සයිමන් විල්ස් ඉවත් වීමට ගෙන ඇති තීරණය, ගුරුසිංහ එම තනතුරට පත් කිරීමට හේතුවයි.

ශ්‍රී ලංකා පිලේ ප්‍රවීන පිතිකරුවෙකු වූ අසංක ගුරුසිංහ 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේද සාමාජිකයෙක්.