විරාට් කෝලි ලොව බලගතුම පුද්ගලයන් සියය අතරට

Sunday, 22 April 2018 - 13:16

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9C%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි, ටයිම්ස් සඟරාව මඟින් 2018 වසරේ ලොව බලගතුම සිය දෙනා අතරට නම් කර තිබෙනවා.

ඔහු 2017 වසර නිමා කළේ ශතක 11ක් සමඟ ජාත්‍යන්තර ලකුණු 2,818 ක් එක්රැස් කරගනිමින්.

චැම්පියන්ස් කුසලානයේ අවසන් තරඟය සඳහා ඉන්දීය පිල රැගෙන ගිය විරාට් කෝලි එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්,  ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරඟාවලි ජයග්‍රහණ වාර්තා කිරීමටද සමත් වුණා.

එමෙන්ම, බංග්ලාදේශය සහ  ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව දෙවතාවක් ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණ ඉන්දියාව වාර්තා කළේ විරාට් කෝලිගේ නායකත්වයෙන්.

29 හැවිරිදි කෝලි මෙලෙස ලොව බලගතුම පුද්ගලයින් අතරට නම් කිරීම පිළිබඳව අදහස් දැක්වු ප්‍රවීන ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් කියා සිටියේ ස්ථාවරව ලකුණු රැස්කරන කෝලි නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ සංකේතයක් බවට පත් වී ඇති බවයි.