IPL පිටියේ මුම්බායි බලාපොරොත්තුවක් බිඳී යයි

Wednesday, 25 April 2018 - 9:18

IPL+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A++%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B7%93+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
2018 අයි.පී.එල්. තරඟාවලියේ ඊයේ (24) පැවති තරඟය ජයගන්නට සන්රයිසස් හයිද්‍රාබාද් සමත් වුනේ ප්‍රතිවාදීන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දරුණු පරාජයක් හිමිකර දෙමින්.

මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරඟය සන්රයිසස් පිළ ජයගත්තේ ලකුණු 31 කින්.

තරඟයේ පළමුව පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04ක් තුලදී ලකුණු 118කට දවා ගන්නට මුම්බායි පන්දු යවන්නන් සමත් වුණා.

මුම්බායි පිළට හිමිවූ පන්දු 120ක් තුල ලකුණු 119ක ඉලක්කය ඉතා පහසුවෙන් ජයගනු ඇති බවයි වන්කඩේ ක්‍රීඩාංගනයට රැස්ව සිටි මුම්බායි ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තුව වී තිබුණේ.

කෙසේ වෙතත් මුම්බායි ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ දමන්නට හයිද්‍රාබාද් පන්දු යවන්නන් සමත් වුනේ පන්දුවාර 18යි පන්දු 05ක් තුල මුම්බායි පිතුකරුවන් සියලුදෙනා ලකුණු 87කට දවා ගනිමින්.

එහිදී තරඟයේ වීරයා වූ රෂිඩ් ඛාන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දුවාර 04තුල ලකුණු 11කට කඩුලු 02ක් බිඳ දැමුවේ එක් නිලකුණු පන්දුවාරයක් ද සමඟින්.

මේ වන විට තරඟ 06ක් ක්‍රීඩාකර ඉන් තරඟ 04ක් ජයගෙන සිටින සන්රයිසස් හයිද්‍රාබාද් පිල ප්‍රසාද ලකුණු ලබාගැනීම් හි තුන්වන ස්ථානයේ පසුවන අතර තරඟ 06ක් ක්‍රීඩාකර එක් තරඟයක් පමණක් ජයගෙන ඇති මුම්බායි පිළ ප්‍රසාද ලකුණු ලබාගැනීමේ සටහනේ හත්වන ස්ථානයේ පසුවනවා.

තරඟයේ සියලු සුවිශේෂී අවස්ථා පහතින්.

rnrn\r\n
\r\nrnrn