මුම්බායි පිලේ ජයග්‍රහණය පරාජයට දෙසට දෝලනය කළ සුපිරි උඩපන්දුව

Monday, 21 May 2018 - 11:45

%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%8B%E0%B6%A9%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් ලෙස සැලකෙන මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මේ වසරේ දී අවසන් වටයට සුදුසුකම් නොලබාම තරගයෙන් ඉවත්වීමට සිදුවුණා.

මුම්බායි පිලට එරෙහිව ඊයේ (20) පැවති තරගය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ජය ගනු ලැබුවේ ලකුණු 11කින්.

කාසියේ වාසිය දිනා පලමු පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 4ක් දැවී 174ක් ලබා ගත්තා.

මුම්බායි පිළට පන්දු වාර 19යි පන්දු 3කදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163ක් පමණයි.

මෙම තරඟයේදී දිල්ලි ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ග්ලේන් මැක්ස්වෙල් සහ ට්‍රේන්ඩ් බෝල්ට් එක්ව විශිෂ්ඨ උඩපන්දුවක් රැකගත් ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වුණා.

ලකුණු 07ක් ලබාගෙන සිටි මුම්බායි පිතිකරු කරන් පොලාඩ් එල්ල කරන වේගවත් පහරක් හතරේ සිමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි මැක්ස්වෙල් දිවවිත් රැකගනු ලබනවා.

කෙසේ වෙතත් මැක්ස්වෙල් විසින් උඩ පන්දුව රැකගත්තද ඔහු දිව ආ වේගය පාලනය කර ගැනීමට නොහැකිව හතරේ සීමාව තුලට ඔහු ඇදී යනවා.

එහිදී ඔහු තමන් විසින් රැකගත් උඩපන්දුව නැවත ක්‍රීඩා පිටිය දෙසට යොමුකරන අතර එම  අවස්ථාවේ මැක්ස්වෙල් අසලට පැමිණ සිටි බෝල්ට් විසින් එය සුරැකිව රැකගනු ලබනවා.

ප්‍රවේගකාරී පිතිකරුවෙක් වන පොලාඩ්ගේ එම දැවීයාම මුම්බායි ඉන්දියන්ස් පරාජයට වැඩි වශයෙන් බලපෑ බවයි විස්තර විචාරකයින් පවසා සිටියේ.

එම අවස්ථාව පහතින්..

rnrn\r\n
\r\nrnrn