තිලංගට ක්‍රිකට් මහ පුටුවට එන්න බෑ, පිටු 1500ක විරෝධතාවක්

Wednesday, 23 May 2018 - 11:47

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91%2C+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94+1500%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ක්‍රිකට් සභාපති තනතුරට තරඟ කරන වත්මන් සභාපති තිලංග සුමතිපාලට එරෙහිව විරෝධතා ගොනු වී ඇතැයි වාර්තා වෙනවා.

ක්‍රිකට් සභාපති තනතුරට තරඟ වදින නිශාන්ත රණතුංග සහ ජයන්ත ධර්මදාස යන පාර්ශ්ව මෙලස විරෝධතා ගොනු කර තිබෙනවා.

නිශාන්ත පාර්ශ්වය පිටු 1500ක විරෝධතාවක් ගොනු  කර ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වූ නාම යොජනා පිළිබඳ විරෝධතා ගොනු කිරීමේ කාලසීමාව ඊයේ (22) පස්වරු 3.00ට අවසන් වුණා.

මේ අතර විරෝධතා ගොනු කිරීමට ලබාදුන් කාලය ප්‍රමාණවත් නොවන බව සඳහන කරමින් ජයන්ත ධර්මදාස පාර්ශ්වයද විරෝධතාවක් ගොනු කර ඇති බව සඳහන්.