ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා දුන් ප්‍රබලයකුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

Thursday, 24 May 2018 - 17:53

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය සදහා නාමයෝජනා ලබාදුන් හිටපු සභාපතිවරයකුවන ජයන්ත ධර්මදාස මහතාගේ නාමයෝජනාව නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ ඔහු පළමු පෙළ තරගාවලි සදහා ක්‍රීඩා කර නොමැතිවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩා පනතට අනුව අවම වශයෙන් පළමු පෙළ ක්‍රිකට් තරඟාවලි සදහා ක්‍රීඩා කර නොමැති පුද්ගලයකුට ක්‍රිකට් නිලවරණය සදහා ඉදිරිපත් විය නොහැකියි.

කෙසේවුවත් ජයන්ත ධර්මදාස මහතා වර්තමාන ක්‍රිකට් ආයතන නිලධාරී මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර ඊට පෙර කිහිපවතාවක්ම සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඔහු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ද හිටපු සභාපතිවරයෙක්.