මාලිංග කැනඩාවෙන් විස්සයි විස්ස පිටියට

Friday, 25 May 2018 - 16:20

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, කැනඩා ග්ලෝබල් විස්සයි විස්ස තරඟාවලියට (Global T20 Canada league) එක්වීමට නියමි බවට තොරතුරු වාර්තා වනවා.

ලසිත් මාලිංග සමඟ පන්දුව පලුදු කිරීම නිසා තරඟ තහනමට ලක්වූ ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්, ක්‍රිස් ගේල්, ෂහිඩ් අෆ්රිඩි, ඩැරන් සැමි, සුනිල් නරින්, ඩේවිඩ් මිලර් සහ ඩ්වෙන් බ්‍රාවෝ වැනි සුපිරි ක්‍රිකට් තරු රැසක් මෙම තරඟාවලියට එක්වීමට නියමිතයි.

ලබන ජුනි 28 වැනිදා ආරම්භ වන මේ තරනඟාවලිය මාසයක් පුරා පැවැත්වීමට නියමිතයි.

තරඟ තහනමට ලක්වීමෙන් පසුව හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් හට ඕස්ට්‍රේලියාවෙන් පිටත දේශීය තරඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ලබාදී ඇති අතර ඔහුත් සමඟම තරඟ තහනමට ලක්වූ ඩේවිඩ් වෝනර් ද මෙම තරඟාවලියට එක්වීමට ඉඩකඩ ඇතැයි ද වාර්තා වේ.

ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස තරඟාවලියට කණ්ඩායම් හයක් සහභාගී වනු ඇත.

කැනඩාවේ නගර නියෝජනය කරමින් එඩ්මන්ටන් රෝයල්ස්, මොන්ට්‍රියෙල් ටයිගර්ස්, ටොරන්ටෝ නැෂනල්ස්, වැන්කුවර් නයිට්ස් සහ විනිපෙග් හෝක්ස් කැනඩාවෙන් මෙම තරඟාවලියට එක්වන අතර සයවැනි කණ්ඩයම ලෙස බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමින් කණ්ඩයමක් එක්වනු ඇත.