ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අදයි

Sunday, 27 May 2018 - 13:32

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේදී අද රාත්‍රියේ පැවැත්වෙනවා.

එහිදී තරග වදින්නේ මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.

මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු අතින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක මෙලෙස අවසන් තරගයට සුදුසුකම් ලැබීම විශේෂත්වයක්.

කෙසේ නමුත් කණ්ඩායම් දෙක අතර මෙවර තරගාවලියේදී පැවති තරග 3 න්ම ජයග්‍රහණය කළේ චෙන්නායි කණ්ඩායමයි.

කෙසේ නමුත් 2011 වසරෙන් පසු චෙන්නායි පිල අයි.පී.එල්. තරගාවලියක් ජයග්‍රහණය කර නැහැ.