ක්‍රිකට් ගැන අල්ජසීරා තවත් අනාවරණයක (ඡායාරූප)

Friday, 01 June 2018 - 18:52

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අල්ජසීරා හෙළිදරව්වත් සමඟ කරළියට පැමිණි ක්‍රිකට් තරඟ පාවාදීම් පිළිබද උණුසුම තවම පහව ගොස් නැහැ.

එම වැඩසටහනින් තරඟ පාවාදීම් සංවිධාන කරන නියෝජිතයෙකු ලෙස හඳුන්වා දුන් අනීල් මුනාවර් නැමැත්තා ශ්‍රී ලංකාවේ පැවති 2012 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය අතරතුර ක්‍රිකට් කණ්ඩායම් නවාතැන් ගෙන සිටි හෝටලයේ සැරි සරන ඡායාරූප දෙකක් අද (01) මාධ්‍යයට නිකුත් වුණා.

එංගලන්ත කණ්ඩායමේ ටිම් බ්‍රෙස්නන් සහ ග්‍රැහැම් ස්වෝන් කතා කරමින් සිටින ස්ථානයක් ආසන්නයේ මුනාවර් රැදී සිටින අයුරු ඉන් එක් ඡායාරූපයක දැක්වෙනවා.

අනෙක් ඡායාරූපයේ මුනාවර් කොදෙව් ක්‍රීඩක ඩැරන් සමී අසළම සිටින අයුරු දැක්වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, මෙම ක්‍රීඩකයන් ඔහු සමඟ සබඳතාවක් පැවැත්වූ බව මෙතෙක් අනාවරණ වී නොමැති වුවත් බුකීකරුවන්ට පහසුවෙන් ක්‍රීඩකයන්ට සමීප වීමේ හැකියාව පවතින බව මෙම ඡායාරූප උදාහරණ ලෙස දක්වමින් අල්ජසීරා පුවත් සේවය පෙන්වා දෙනවා.



\"\" \"\"