කොදෙව් - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය අද ඇරඹේ

Wednesday, 06 June 2018 - 8:51

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
වසර 10කට පසුව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වනවා.

ඒ, ටි‍්‍රනිටෑඩ්  හි කුවීන්ස් පාක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරඟයෙන්.

ශ්‍රී ලංකාව මෙතෙක් බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හිදී ටෙස්ට් තරඟාවලි ජයක් වාර්තා කර නැහැ.

එම නිසා මෙය ශ්‍රී ලංකාවට ක්‍රිකට් වාර්තා අතරට එක්වීමේ අවස්ථාවක් ලෙසයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය හැදින්වූයේ.

ශ්‍රී ලංකාව අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කර ඇත්තේ 2008 වසරේදීයි.

අද තරඟය ශ්‍රී ලංකාව කොදෙව් දේශයේදී මුහුණදෙන 08 වන ටෙස්ට් තරඟයයි.

පෙර මුණ ගැසීම් හතේදී කොදෙව්වන් තරඟ තුනක ජය සමරද්දී ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරඟයක් පමණයි.

කෙසේ නමුත් දෙරටේ ටෙස්ට් තරඟ ඉතිහාසය පිරික්සීමේදී වැඩි ගෞරව ශ්‍රී ලංකාව සතුවන්නේ මෙතෙක් පැවති තරඟ 17න් තරඟ 08ක ජය ශ්‍රී ලංකාව සතුවීම හේතුවෙන්.

මෙවර කොදෙව් ටෙස්ට් තරඟ සංචාරයට එක් වන ශ්‍රී ලංකා සංචිතයේ සිටින රංගන හේරත් හැර වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් මීට පෙර කොදෙව් දේශයේ දී ටෙස්ට් තරඟයකට ක්‍රීඩාකර නොතිබීම විශේෂත්වයක්.