පළමු ටෙස්ට් තරඟයෙන් කොදෙව්වන්ට ජය

Sunday, 10 June 2018 - 22:41

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A++%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 226ක ජයක් වාර්තා කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරඟ ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වන් වාර්තා කළ දැවැන්තම ජයග්‍රහණයත් සමඟින්.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 08 කට ලකුණු 414 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටවුවා ශ්‍රී ලංකා පිළට පළමු ඉඉන්ම ක්‍රීඩා කිරීමට ආරාධනා කළා.

ශේන් ඩවුරිච් නොදැවී ලකුණු 125 ක් ලබාගත්තා.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 185 ක් පමණයි.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි කොදෙව්වන් කඩුලු 07 ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

ඒ අනුව තරඟය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 453 ක ඉලක්කයක් හිමිවුනා.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 226 ක් පමණයි.

කුසල් මෙන්ඩිස් සිය 5 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් ලබාගත්තා.

තරඟයේ වීරයා සම්මානය ශේන් ඩවුරිච්ට හිමිවුනා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 14 වනදා ශාන්ත ලුසියා හි ඩැරන් සැමි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.