චන්දිමාල්ට ICCයෙන් චෝදනාවක්

Sunday, 17 June 2018 - 14:18

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+ICC%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පන්දුවේ හැඩය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබෙනවා.

නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ බව දන්වා තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ, ඊයේ පැවති තරඟයේදී ඇති වූ මතභේදකාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිළ පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළා.

ඒ, දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුව අසාමාන්‍ය ලෙස ඔප දැමීමෙන් එහි හැඩය වෙනස් වූයේ යැයි පවසා පන්දුව මාරු කිරීමට විනිසුරුවන් ගත් තීරණයක් හේතුවෙන්.

පන්දුවේ හැඩය වෙනස් කළ බවට එල්ලවන චෝදනා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැඩි  ලෙස ප්‍රතික්ෂේප කළ අතර, ඊට විරෝධය පා ක්‍රීඩාගාරයේ රැඳී සිටීම හේතුවෙන් තරගය ආරම්භය පැය 2 කින් පමාවුණා.

අදාළ චෝදනා ඔප්පු වුවහොත් දිනේෂ් චන්දිමාල්ට තරඟ ගාස්තුවෙන් සියයට 75ක් සහ ප්‍රසාද ලකුණු 3ක් කපා හැරීමේ හැකියාව පවතින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කළේ. 

මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අප විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ දිනේෂ් චන්දිමාල්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙතෙක් දැනුම් දීමක් සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය පිළිබදව අවධානයෙන් පසුවන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

මේ අතර, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.


\"\"