ICCයේ චෝදනාව චන්දිමාල් ප්‍රතික්ෂේප කරයි

Monday, 18 June 2018 - 7:39

ICC%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පන්දුවේ හැඩය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළා.

මේ අතර මෙම චෝදනාව සම්බන්ධයෙන් විධිමත් කරුණු විමසීමක් සිදුකරන බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.  

එම කරුණු විමසීම ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු සිදුකරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එම පරීක්ෂණය සඳහා තරගයේ පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට අදාළ දර්ශන භාවිත කිරීමට නියමිත අතර, තරගයේ තීරකවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අදාළ කරුණු විමසීම සඳහා සහභාගිවිය යුතු බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තවදුරටත් පවසනවා.

පන්දුවේ හැඩය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කළේ ඊයේ දිනයේයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිය ක්‍රීඩකයින් කිසිදු නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවයි.