ICCයෙන් චන්දිමාල්ට දඬුවම්

Tuesday, 19 June 2018 - 23:13

ICC%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමේ චෝදනාවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නායක දිනේෂ් චන්දිමාල්ට එක් ටෙස්ට් තරඟයක් සහ ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට සියයක දඩයක් පැනවීමට තීරණය කර තිබෙනවා.

 ඒ අනුව ඔහුට ලබන 23 වන දා බාබඩෝස් හිදී ආරම්භවීමට නියමිත දිවා රාත්‍රී ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වනු ඇති.

කෙසේ වෙතත්, තමන්ට එරෙහිව පැනවූ දඩුවම සදහා පැය 48ක් ඇතුළත තරග තීරකවරයාට ලිඛිත අභියාචනයක් ඉදිරිපත් කිරීමට දිනේෂ් චන්දිමාල්ට අවකාශ හිමි වනවා.

මේ අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කළ බවට චෝදනා කරමින් නායක දිනේෂ් චන්දිමාල්ට, කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට අයි.සී.සීය චෝදනා ගොනු කරනු ලැබුවා.

දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ දී පන්දුව මාරු කිරීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු රැකීම සදහා පිටියට පිවිසීම ප්‍රමාද වීම හේතුවෙනුයි මෙම චෝදනා පත්‍රය ගොනු කර ඇත්තේ.

rnrnrnrnrn