කොදෙව් - ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරඟය අද

Saturday, 23 June 2018 - 12:09

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F++%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන 3 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (23) ආරම්භ වනවා.

බාබඩෝස් හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භවන මෙම තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන දිවා රාත්‍රි ටෙස්ට් තරඟය මෙය වන අතර ඩුබායි ක්‍රීඩාංගණයේදී පකිස්ථාන කණ්ඩායමට එරෙහිව පසුගිය වසරේදී ශ්‍රී ලංකාව පළමු  දිවා රාත්‍රි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළා.

කොදෙව් දුපත් හි පැවැත්වෙන පළමු දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරඟය ද මෙය වීම සුවිශේෂීත්වයක්.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ 03කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්ව සිටිනවා.

අද ආරම්භවන අවසන් තරඟය දෙපිළටම වැදගත් තරඟයක් බවයි විචාරකයින් පවසන්නේ.

තරඟාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගැනීම ඉතා වැදගත් වන අතර දෙකට බිංදුවක් ලෙස තරඟාවලිය ජය ගැනීමට නම් කොදෙව් ක්‍රීඩකයන්ට මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වනු ඇති.

පන්දුවේ හැඩය වෙනස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට අද පැවැත්වෙන තරගය තහනම් කර ඇති අතර මේ හේතුවෙන් අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුරංග ලක්මාල්ට පැවරෙනවා.

ඒ අනුව සුරංග ලක්මාල්  ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ 16 වන නායකයා ලෙස වාර්තා පොත් අතරට එක්වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම බහුලම දඟ පන්දු යවනා වන රංගන හේරත් ද ආබාධයක් හේතුවෙන් අද ආරම්භවන තරඟයට සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.