හොන්ඩාගේ ආක්‍රමණය හමුවේ ආසියාවේ බලාපොරාත්තු දැල්වේ - රන් සපත්තුව වෙනුවෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් සටනක

Monday, 25 June 2018 - 12:13

%E0%B7%84%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A
ජපානයේ කෙසුකී හොන්ඩා 78 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝලයත් සමගින් ගෝල 2-2 ක් ලෙස සෙනගාලයට එරෙහිව පැවති තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ජපානයට ඊයේ (24) හැකි වුණා.

‘එච්’ කාණ්ඩයේ තරඟයක් වූ මෙය රුසියාවේ එක්ටරින්බර්ග් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

සැඩියෝ මැනේ 11 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කරමින් සෙනගල් කණ්ඩායම පෙරමුණේ තැබීමට සමත් වුවත්, ජපානයේ ටකාෂි ඉනූයි 34 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් ගෝල 1-1 ලෙස පළමු භාගය සමව අවසන් කළේ.

නැවතක් දෙවන භාගයේ ගෝලයක් වාර්තා කළ සෙනගල් කණ්ඩායමේ මොසෝ වෝ සෙනගල් කණ්ඩායමට ජයග්‍රහණයේ පාර කපා දුන්නා.

නමුත් ඉන් මිනිත්තු 7කට පසු එකී සිහිනයන් බොඳකළ ජපානයේ සෙකුකී හොන්ඩා ගෝලයක් වාර්තා කරමින් පරාජයේ පේන මානයේ තිබූ ජපානයට මෙවර ලෝක කුසලානයේ අවසාන 16 දෙනාගේ වටයට බලාපොරොත්තුවක් ගෙනදෙන්නට සමත් වුණා.

කොළොම්බියාවට එරෙහිව පැවති තරගය ගෝල 2-1 කින් ජයගත් ජපානය මෙවර තරඟාවලිය ආරම්භයේදීම සාර්ථක ආරම්භයක් ගත් අතර ජපානය සමගින් සෙනගලයද ‘එච්’ කාණ්ඩයෙන් කරටකර තරඟයක් දෙමින් ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්ව සිටිනවා.

ජපානය-සෙනගාලය අතර තරගයේ විශේෂ අවස්ථා.
rnrnrn\r\n
 
\r\nrnrnrnrnrn\r\n
rnrnrn\r\n
\r\nrnrnrn
\r\nrnrnrn
එංගලන්තයේ හැරී කේන්ගේ ගෝල ත්‍රිත්වයත් සමඟ ගෝල 6-1 කින් පැනමාව පරාජයට පත්කරමින් අවසාන 16 දෙනාගේ වටයට එක් වීමට ඊයේ (24) එංගලන්තයට හැකියාව ලැබුණා.

‘ජී’ කාණ්ඩයේ තරඟයක් වූ මෙය රුසියාවේ නිශ්නි නොව්ගොරොඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

තරඟයේ 22 වැනි සහ 46 වැනි මිනිත්තුවේදී එංගලන්තයට ලබාදුන් දඬුවම් පහර ද්විත්වයම සාර්ථක කරගත් හැරී කේන් නැවතත් 62 වැනි මිනිත්තුවේදී, ගෝලයක් වාර්තා කරමින් මෙවර තරඟාවලියේ වාර්තා වූ දෙවන ගෝල ත්‍රිත්වය බවට තමන් ඉදිරියේ සටහන් කරගත්තා.

කේන් ඊයේ ලබාගත් ගෝල ත්‍රිත්වයත් සමඟ පෘතුගාලයේ රොනාල්ඩෝ සහ බෙල්ජියමේ ලුකාකු රත්‍රං සපත්තුවට සිහින දිනාගැනීමේ සටනට පිවිස සිටිනවා.

එංගලන්තය සහ පැනමාව අතර තරඟයේ විශේෂ අවස්ථා.
rnrnrn\r\n
 
\r\nrnrnrnrnrn\r\n
rnrnrn\r\n
\r\nrnrnrn
\r\nrnrnrn
මේ අතර එච් කාණ්ඩයේ තරඟයක් වූ කොලොම්බියාව සහ පෝලන්තය අතර තරඟය ගෝල 3-0ක් ලෙස ජයගන්නට කොලොම්බියාව ඊයේ සමත් වුණා.

තරඟයේ පළමු අර්ධය නිමාවනවිට කොලොම්බියාව ගෝල 1-0 ලෙස පෙරමුණේ පසු වූ අතර මේ ජයග්‍රහණයත් සමග කොලොම්බියාවට තවදුරටත් ලෝක කුසලානයේ අවසන් 16 දෙනා අතරට පිවිසීමේ අවස්ථාව හිමි වනවා.

නමුත් මේ පරාජයත් සමඟ පෝලන්තයට 16 දෙනාගේ වටය අහිමිවනවා.

කොලොම්බියාව සහ පෝලන්තය අතර තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrn\r\n
 
\r\nrnrnrnrnrn\r\n
rnrnrn\r\n
\r\nrnrnrn