බෙල්ජියම, බ්‍රසීලයේ ලෝක කුසලාන සිහිනය බොඳකර දමයි

Saturday, 07 July 2018 - 6:15

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%2C+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B3%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ බ්‍රසීලය සහ බෙල්ජියම අතර පැවති තරඟය ජයගත් බෙල්ජියම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

මෙම තරඟය බෙල්ජියම ජයගත්තේ ගෝල දෙකට එකක් ලෙසයි.

මේ අතර එහිදී පළමු ගෝලය වාර්තා කරන්නේ බෙල්ජියම වන අතර ඒ බ්‍රසීල කණ්ඩායමේ ක්‍රීඩක FERNANDINHOගේ හිසේ වැදීමෙන්.

අනතුරුව නොසිතූ ලෙස බෙල්ජියමේ ක්‍රීඩකයන් එක්වරම අනෙක් අන්තයේ සිට වේගයෙන් රැගෙන ආ පන්දුව ආරක්ෂිතව සිය දෙවන ගෝලය වාර්තා කළේ බ්‍රසීල ක්‍රීඩකයන් අන්දමන්ද කරමින්.

පළමු අර්ධය අවසන් වනවිට DE BRUYNE විසින් ලබාගත් එම දෙවන ගෝලයත් සමඟ බෙල්ජියම 2ට 0ක් ලෙස ඉදිරියෙන් පසුවූවා.

දෙවන අර්ධයේ තරඟයේ 76 වන මිනිත්තුවේ බ්‍රසීල ජාතිකයන්ගේ පාපන්දු සිහිනය යලි අවදි කරමින් R. AUGUSTO විසින් එක් ගෝලයක් ලබාගත්තද එය ලෝක කුසලාන සිහිනය සැබෑ කරගැනීමට තරම් ප්‍රමාණවත් වුයේ නෑ.

බෙල්ජියම පාපන්දු ලෝක කුසලන අර්ධ අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලැබුවේ වසර 32කට පසු වීම විශේෂත්වයක්.

එම සුපිරි අවස්ථා ඇතුළු තරඟයේ සියලුම විශේෂ අවස්ථා පහතින්.

rnrnrn\r\n