ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය බෙල්ජියමට

Saturday, 14 July 2018 - 21:34

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සදහා වූ තරගය අද පැවැත්වුනා.

ඒ එංගලන්ත කණ්ඩායම සහ බෙල්ජියම් කණ්ඩායම අතරයි.

සිව්වන මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් බෙල්ජියම් ක්‍රීඩකයින් තරගයේ පාලනය සියතට ගත්තා.

ඉන් අනතුරුව පළමු අර්ධය පුරා ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කල ඔවුන් එම අර්ධය අවසන් වෙද්දී තරගයේ පෙරමුණේ පසුවුණා.

දෙවන අර්ධයේදී එංගලන්ත ක්‍රීඩකයින් සිය ප්‍රතිවාදීන් හා සම වන්නට ප්‍රබල උත්සහයක නිරතවුනා.

නමුත් ඒ කිසිදු අවස්තාවක් සාර්ථක කරගන්නට ඔවුන්ට හැකිවුණේ නැහැ.

කෙසේ වෙතත් දෙවන අර්ධයේදී තවත් ගෝලයක් වාර්තාකළ බෙල්ජියම තරගයේ සියලු ගෞරව තමන් සතුකර ගත්තා.

ඒ අනුව මෙම තරගය ගෝල 2 - 0 ක් ලෙස ජයගත් බෙල්ජියම මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත්තා.

බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී දක්වන ලද ඉහලම දක්ෂතාවද මෙයයි.