ප්‍රංශය ද ? - ක්‍රොඒෂියාව ද ? පාපන්දුවේ අවසන් තීන්දුව අද

Sunday, 15 July 2018 - 6:36

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%AF+%3F+-+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%92%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF+%3F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
මීට විසි වසරකට පෙර පාපන්දු ලෝක ශූරයන් වූ ප්‍රංශය අද, ප්‍රථම වරට ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයට සුදුසුකම් ලැබූ ක්‍රොඒෂියාව සමඟ ජගත් පාපන්දු රන් කිරුළ සඳහා තරග වදිනවා.

රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන මෙම අවසන් මහ තරගයට පෙර විචිත්‍රවත් සංදර්ශනයක්ද පැවැත්වෙන අතර, මෙවර පාපන්දු ලෝක කුසලාන තේමා ගීතයද එහිදී එළිදැක්වෙනු ඇති.

ප්‍රංශය මෙවර ලෝක කුසලාන පාපන්දු අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ තුන්වන වතාවටයි.

ක්‍රොඒෂියාව මෙවර ශූරතාව දිනාගනු ඇතැයි බොහෝදෙනා අපේක්ෂා කළ එංගලන්තය පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

1991 වසරේදී බිහිවූ හතළිස් එක්ලක්ෂ හැත්තෑදහසක ජනතාවක් වෙසෙන ක්‍රෝඒෂියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අඩුම ජනගහණයක් සහිත දෙවන රටයි.

1930 වසරේ සමාරම්භක ලෝක කුසලානය ජයග්‍රහණය කළ උරුගුවේ, එලෙස අවසන් සටනට එක්වූ අවම ජනගහණයක් සහිත රට වන අතර, එහි ජනගහණය 17 ලක්ෂයක්.

මේ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා ඊයේ පැවති තරගයේදී එංගලන්තය පරදවා ගෝල දෙකට බින්දුවක ජයක් වාර්තා කිරීමට බෙල්ජියම සමත්වුණා.

ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති එම තරගයෙන් පරාජය ලැබූ එංගලන්තයට මේ අනුව හතරවන ස්ථානය හිමිවනවා.

1966 ලෝක ශූරයන් වූ එංගලන්තය 1990 වසරේදී ද හතරවන ස්ථානය දිනාගත්තා.