එම්බාපේ උපයාගත් සියලුම මුදල් පූජා කරයි

Thursday, 19 July 2018 - 10:18

%E0%B6%91%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B4%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ කාගේත් අවධානය දිනූ ප්‍රංශ කණ්ඩායමේ කිලියන් එම්බාපේ එම තරගාවලියේදී තමන් උපයාගත් සියලුම මුදල් පුණ්‍ය කටයුත්තකට යෙදවීමට තීරණය කර තිබෙනවා.

Premiers de Cordee නම් සංගමයට මෙම මුදල් පරිත්‍යාගය සිදු කිරීමට නියමිත අතර එම සංගමය ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු  ලබන සංවිධානයක්.

එම සංගමයේ යාවජීව සාමාජිකත්වය ද එම්බාපේට හිමිව තිබෙනවා.

මෙහිදී තරගයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් එම්බාපේට ඇමෙරිකානු ඩොලර් 22,300ක මුදලක් හිමිවන අතර ඔහු තරග 7කට ක්‍රීඩා කරමින් ඩොලර් 156,100ක් සහ තරගයේ ජයග්‍රාහී කණ්ඩායම ලෙස දිනාගත් ප්‍රසාද මුදල් ඩොලර් 350,000ක් එනම් ඇමෙරිකානු ඩොල් 506,100ක්  (රුපියල් 81,608,602) මෙසේ ප්‍රදානය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

19 හැවිරිදි එම්බාපේ මෙවර පාපන්දු ලෝක කුසලානයේ දක්ෂතම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගත් අතර පාපන්දු ක්ෂේත්‍රයේ මිල අධිකම දෙවැනි ක්‍රීඩකයා ලෙස ද මොහු නම්කර තිබෙනවා.

ඒ යුරෝ මිලියන 180ක වටිනාකමක් සටහන් කරමින්.

\"\" \"\" \"\" \"\" \"\" \"\"