ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය අවසන්

Friday, 20 July 2018 - 18:05

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී අද (20) උදෑසන ආරම්භ වුණා.

එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පලමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09කට ලකුණු 277ක් රැස් කරගෙන සිටියා.

එහිදී ආරම්භක පිතිකරු යුගලය වන ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න අර්ධ ශතක රැස්කළ අතර ඒ අනුව ඔවුන් දෙදෙනා රැස්කළ ලකුණු සංඛ්‍යාව  පිළිවෙලින් 57ක් සහ 53ක්.

අද දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ධනංජය ද සිල්වා කේෂව් මහාරාජ්ගේ පන්දුවක් හමුවේ දැවී යනවිට රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 60ක්.

කුසල් මෙන්ඩිස් ලකුණු 21ක් රැස්කළ අතර රොෂේන් සිල්වා රැස්කළ කළ ලකුණු සංඛ්‍යාව 22ක්.

මේ අතර ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු පන්දහසේ සීමාව පසුකර ගියේ ටෙස්ට් ලකුණු 5000 පසුකළ 09 වන ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වෙමින්.

පන්දු යැවීමේදී විශ්ෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහාරාජ් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 08ක් බිඳ දැමුවා.

පළමු දිනය වූ අද (20) දිනය අවසන් වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි රංගන හේරත් සහ අකිල ධනංජය ලකුණු 05ක් සහ 16ක් රැස් කරගෙන සිටියා.