තරඟාවලිය පරාජය වන තෙක්ම දසුන් කණ්ඩායමට එක්කර නොගත්තේ ඇයි ? අවසන් තරඟයෙන් පසු මැතිව්ස් සියල්ලන්ට උත්තර බදීයි

Monday, 13 August 2018 - 10:16

%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B6%E0%B6%AF%E0%B7%93%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඊයේ (12) පැවති තරඟය ලකුණු 178කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අවසන් තරඟ දෙකේදී හෝ දක්ෂතා අතරට පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියා.

ඔහු මේ බව පවසා සිටියේ තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

තරඟාවලිය පරාජය වන තෙක් දසුන් ශානක කණ්ඩායමට එක්කර නොගත්තේ ඇයි ද යන්න එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ප්‍රශ්නකර සිටියා.

තරඟයෙන් තරඟයට හෝ තණ තිල්ලේ වෙනස් වීම මත පිතිකරුවෙක්, පන්දු යවන්නෙක් හෝ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඇතුළත් කරන්නා බව මැතිව්ස්‌ එහිදී සඳහන් කළා.

දසුන් ශානක ඔහුට ලැබුණු අවස්ථා දෙක ඉතා හොඳින් ප්‍රයෝජනයට ගත් බවයි නායක ඇන්ජලෝ මැතිව්ස් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිව්ස් පවසා සිටියේ පිතිකරන, පන්දු යැවීම සහ පන්දු රැකීමේ අංශයන්හි පැවති යම් යම් දුර්වලතා හේතුවෙන් පළමු තරඟ තුන පරාජය වූ බවයි.

මේ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දෙරට අතර පැවැත්වෙන පන්දුවාර 20 තරඟයද ජය ගැනීමට බලාපොරොත්තුවන බවයි.

ලසිත් මාලිංග කණ්ඩායමට එක් නොවීම සම්බන්ධයෙන්ද ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී අදහස් දක්වා සිටියා.

මාලිංග විශ්ෂ්ඨ පන්දු යවන්නෙක් බවත් ඔහු ඉදිරි සැලසුම්වල සිටින ක්‍රීඩකයෙක් බවද ශ්‍රී ලංකා නායකයා එහිදී සඳහන් කළා.

තරඟයෙන් පසු පැවති මාධ්‍ය හමුව පහතින්.


\r\n
\r\nrnrnrnrnrnrnrnrn