සංගාගෙන් දීර්ඝ ෆේස්බුක් සටහනක්

Monday, 13 August 2018 - 13:50

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
තමා කිසි දිනෙක දේශපාලනයට නොපැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පැතිරුණු කට කතා අසා තමාගේ අවධානය යොමු වූ බවත් තමා ඉදිරිපත් වන බව අසා විවිධ පුද්ගලයින් ඔවුන්ගේ මතයන් ඉදිරිපත් කළ බවත් ඒ මත සියල්ලට තමා ගරු කරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

එහෙත් තමාට දේශපාලනයට පැමිණීම පිළිබඳව බලාපොරොත්තුවක් කිසිම දිනෙක නොතිබූණු අතර තමා කිසිම දිනෙක දේශපාලනයට නොපැමිණෙන බවද සංගක්කාර අවධාරණය කළා.

ජනතා සේවය ඉතාමත් වැදගත් වගකීමක් බවත් විශ්වාසයෙන් සිදුකළ යුතු වගකීම් සහිත රාජකාරියක් බවත් ඔහු සිය ෆේස්බුක් සටහනේ දක්වා තිබෙනවා.

ජනතා නියෝජිතයන්ට තමා ගරු කරන අතර තමාට දේශපාලන බලාපොරොත්තු නොමැති බවයි එහි තවදුරටත් දැක්වෙන්නේ.

දේශපාලනයට හොදම සහ ගැලපෙනම පුද්ගලයන් තෝරා ගැනීම දුරදිග බලා සිදුකළ යුතු කටයුත්තක් බවත් ධනාත්මක සමාජ සහ ආර්ථික වෙනසක් එක රැයකින් සිදු නොවන බවත් ඔහු ප්‍රකාශ කළා.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු තමාගේ පළමු අරමුණ වූයේ තමාගේ පවුල සඳහා අවධානය යොමු කිරිම බවයි සංගක්කාර කියා සිටියේ.

පරිත්‍යාගශීලීන් සමඟ එකතු වී සමාජ සේවා කටයුතු ඉදිරියටත් සිදුකරගෙන යාම තම අපේක්ෂාව බවත් දේශපාලඥයන්ගේ යහපත් වැඩ සඳහා තම සහය ලබාදෙන බවත් සංගක්කාර සිය ෆේස් බුක් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



\"\"