මැතිව් අබේසිංහ නව පිහිනුම් ජාතික වාර්තාවක් පිහිටුවයි

Sunday, 19 August 2018 - 11:21

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රිඩක මැතිව් අබේසිංහ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්වුණා.

මීටර 200 නිදහස් ආර මූලික වටයේ තරගවලදී ඔහු එම ඉසව්ව විනාඩි එකයි තත්පර 50 යි දශම 9 යි 7 කින් නිම කරමින් එම වාර්තාව පිහිටුවා තිබෙනවා.

එය ඔහු මීට පෙර පිහිටුවා තිබූ ජාතික වාර්තාව අභිබවා යාමක්.

මීටර 200 නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තුන්වන තරගයේදී ඔහු ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර, එම ඉසව්වේ මූලික වටයේ දෙවන තරගයට සහභාගිවූ ආර්. නුගවෙලට හිමිවූයේ සිව්වන ස්ථානයයි.