ක්‍රිකට් ආයතනයෙන් පරිපාලන කටයුතු සදහා පංච පුද්ගල කමිටුවක්

Thursday, 30 August 2018 - 14:58

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%82%E0%B6%A0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ක්‍රිකට් නිලවරණය පැවැත්වෙනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සදහා පංච පුද්ගල කමිටුවක් පත් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා කමිටුවේ ප්‍රධානියා විය යුතු බවයි එහිදී ඔවුන් සදහන් කර ඇත්තේ.

අප කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළේ ලබන වසරේ පෙබරවාරි මාස 9 වනදා හෝ ඊට පෙරදිනකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කාලය ලබාදුන් බවයි.

ජගත් ක්‍රිකට් කවුන්සිල මූලස්ථානයේදී එහි ප්‍රධානීන් හමුවේ සාකච්ඡා කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පසුගියදා ඩුබායි බලා පිටත්ව ගියා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවුණා.