ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ භීතිකාවක් ගැන අද තරඟයට පෙර පිතිකරණ පුහුණුකරු තිලාන් කියූ කතාව

Monday, 17 September 2018 - 9:43

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B7%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (17) ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙනවා.

තරඟාවලිය තුල රැඳී සිටිමට නම් අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීම අනිවාර්ය වනවා.

මේ අතර ලංකාවේ සිටින හොඳම පිතිකරුවන් 09 දෙනා මේ වන විට කණ්ඩායමේ සිටින බවත් ඔවුන් මෙම තරඟාවලිය සඳහා එක්කරගෙන ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා.

අද තරඟයේදීත් ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල් මෙන්ඩිස් යොදාගන්නා බව සමරවීර වැඩිදුරටත් සඳහන් කර සිටියා.

තිලාන් සමරවීර පවසන්නේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයේ අඩුපාඩුවක් නොමැති බවත් සිදුකළ යුත්තේ ඔවුන්ගේ මානසිකත්වය ගොඩනැංවීම බවයි.

බංග්ලාදේශය සමඟ පැවති තරඟයේදී පීඩනය පැමිණෙන විට ක්‍රීඩකයින් තීරණ ගැනීමේදී යම් බියකින් පසුවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.