ඇෆ්ගනිස්ථාන ඉදිරියේ ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

Tuesday, 18 September 2018 - 7:15

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉදිරියේ අවමන් සහගත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

අබුඩාබි හිදී පැවති මෙම තරඟය ඇෆ්ගනිස්ථානය ජයගත්තේ ලකුණු 91කින් වන අතර ඇෆ්ගනිස්ථානය එක්දින තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ
පළමු අවස්ථාව මෙය වනවා.

මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කුසලානයෙන් මූලික වටයේදීම ඉවත්වීමට සිදුවුණා.

ඊයේ පැවති තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට සමත්වූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 50 තුල සියල්ලන් දැවී ලකුණු 249ක් රැස්කිරීමට ඇෆ්ගනිස්ථානයට හැකියාව ලැබුණා.

එහිදී රාමත් ෂා ලකුණු 72ක් රැස් කළ අතර ඉෂාන්අලා ලකුණු 45ක් ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී තිසර පෙරේරා පන්දුවාර 09ක් යවමින් ලකුණු 55කට කඩුලු 05ක් බිඳ දැමුවා.

මෙම තරඟයේදීත් ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ කරුණක්.

ලකුණු 250ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 158ක් තුල දවාගන්නට ඇෆ්ගන් පන්දු යවන්නන් සමත් වුනේ ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන බලාපොරොත්තුව සුණු විසුනු කර දමමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 36ක් රැස්කළ අතර සෙසු කිසිඳු පිතිකරුවෙකුටවත් පිටියේ ස්ථාවර වීමට  ඇෆ්ගන් පන්දු යවන්නන් පන්දු යවන්නන් ඉද ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථානය පන්දු යවන්නන් පස් දෙනාගෙන් සිව්දෙනෙක්ම කඩුලු දෙක බැගින් බිඳ දැමුවා.

ඊයේ තරඟයේ සුවිශේෂ අවස්ථා පහතින්.