පරාජයේ වගකිවයුත්තන් ගැන ඇමති තීන්දුවක් ගනී

Wednesday, 19 September 2018 - 10:19

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ආසියානු කුසලානයේ මුලික වටයේ සහභාගී වූ තරඟ දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ මුලික වටයෙන්ම ඉවතට විසිවුණා.

මෙලෙස නින්දාසහගත පරාජයකට මුහුණදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු පිරිසක් තම අමාත්‍යංශයට කැඳවීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

මේ අනුව නායකයාට අමතරව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්, පුහුණුකරු, කළමණාකරු, තේරීම් කමිටුව  සහ කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩලය මෙලෙස තම අමාත්‍යංශයට කැඳවීමටයි ඇමතිවරයා පියවර ගෙන ඇත්තේ.

එහිදී මේ පරාජයට හේතු විමසීමට ඇමතිවරයා කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.