ආසියානු කුසලානයේ තරඟ සංවිධායකයින්ට නායකයින්ගෙන් චෝදනාවක්

Saturday, 22 September 2018 - 12:48

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ආසියානු කුසලාන තරඟාවලියේ තරඟ සංවිධානය කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් සුපිරි හතර වටයට පැමිණ ඇති කණ්ඩායම් හතරේ නායකයන් කණගාටුව පළකර තිබෙනවා.

මෙවැනි තරඟ රටාවක්‌ යටතේ ක්‍රීඩා කිරීමට සිදුවීම කණගාටුවට කරුණක්‌ බවයි  බංග්ලාදේශ නායක මස්රෆි මොටාසා පවසන්නේ
 
 සියලුම කණ්‌ඩායම් ඩුබායි හී නවාතැන් ගෙන සිටියදී අබුඩාබි තරඟයක්‌ වෙනුවෙන් පැය එකහමාර බැගින් දෙවතාවක්‌ ගමන් කිරීමට සිදුවෙනවා.

යළිත් පසුදිනත් තරඟයකට එම ක්‍රීඩාංගණයේදී සහභාගී වුවහොත් තවත් පැය තුනක්‌ ගමනාන්ත දෙක සඳහා කණ්‌ඩායමකට වැය කිරීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ තරඟයන් අවසන් වන්නේ රාත්‍රී 11.30 පමණ වන අතර කණ්‌ඩායම ක්‍රීඩාංගණයෙන් පිට වන්නේ ඊට පැයකට පමණ පසුවයි.

අලුයම නින්දට වැටෙන ක්‍රීඩකයන් පසුදින තරඟයට සහභාගි වන්නේ පැය 13 ක පමණ විවේකයකින් පසුව වීම නායකයන්ගේ විවේචනයට බඳුන්ව තිබෙනවා.
 
\"අපි ශ්‍රී ලංකාව සමඟ තරගය ජයගෙන \'බී\" කාණ්‌ඩයේ ශූරයන් හෝ අනුශූරයන් වීමට අවස්‌ථාව ලබාගත්තා. නමුත් හිටි හැටියේ \'බී\' කාණ්‌ඩයේ ශූරයන් හෝ අනුශූරයන් වුණත් ක්‍රීඩා කරන තරඟ දැන් වෙනස්‌ කරලා තියෙනවා. මෙහෙම වුණහම අපේ සැලසුම් වෙනස්‌ කරන්න වෙනවා. මොකද අපි ආවේ සැලසුමක්‌ ඇතිව. ඒඒ කණ්‌ඩායම්වලට ගැලපෙන පරිදි තරඟ රටාවකට සූදානම් වුවත් හිටි හැටියේ තරඟ වෙනස්‌ කිරීම අපේ බලාපොරොත්තු සුන්කිරීමක්‌.\" බවයි  
 බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා පවසන්නේ.
 
තරඟාවලියේ සුපිරි හතර වටයේ තරඟ මාරු කිරීමට සිදුව තිබීමෙන් බංග්ලාදේශ නායකයා සිය අප්‍රසාදය පළකර සිටිනවා.

කෙසේ වෙතත්  තරඟ මාරු කළද සෑම කණ්‌ඩායමක්‌ම ප්‍රතිවාදීන් සමඟ තරඟ කළ යුතු වනවා.

මෙවර තරඟාවලියේ සත්කාරකත්වය එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය විසින් දරන අතර එක ළඟ තරඟ කිරීමට සිදුවීම ඉන්දියානු නායක රෝහිත් ෂර්මා, පාකිස්‌ථාන නායක සෆ්රාස්  අහමඩ් සහ ඇෆ්ගනිස්ථාන නායකයා කණගාටුවෙන් පසුවනවා.
 
 සුපිරි හතර වටයේ තරඟ සෑම කණ්‌ඩායමකටම වැදග් වන්නේ එහි ඉදිරියෙන් සිටින කණ්‌ඩායම් දෙක අවසන් මහා තරඟයට වරම ලබන බැවින්.

නමුත් පළමු වටයේදී ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය තරඟ කිරීමෙන් පැය 15 ක් ගතවීමටත් ප්‍රථම සුපිරි වටයේ තරඟයකට සහභාගි වීමට ඊයේ (21) සිදුවුණා.

මේ හේතුවෙන්  බංග්ලාදේශය ඇෆ්ගනිස්ථාන තරඟයේදී කණ්ඩායම් කටයුතු කර තිබුනේ ඇතැම් ප්‍රබල ක්‍රීඩකයන් විවේක ගැන්වීමටයි.
 
\"අපි අපේ රට නියෝජනය කරන්නේ වගකීමක්‌ සහිතවා. නමුත් ඔවුන්ගේ නීති හිටි හැටියේ වෙනස්‌ කිරීම කණගාටුවක්‌.\" යනුවෙන්  මස්රෆි මොටාසා පවසනවා.

මේ අතර පාකිස්‌තාන් නායකසෆ්රාස් අහමඩ් පවසන්නේ මෙවැන්නක්.

\"මේ තරඟ සැලැස්‌මෙන් ඕනෑම කණඩායමක්‌ වෙහෙසට පත්වෙනවා. පාකිස්‌තානය හෝ වේවා ඉන්දියාව හෝ වේවා අබුඩාබිවල තරඟ කරන විට පැය එකහමාරක්‌ බස්‌ එකේ ගමන් කළ යුතුයි. ඒක ඕනෑම කණ්‌ඩායමකට විඩාවක්‌. තරඟයක්‌ ඉවරවෙලා ආයිත් පැය එකහමාරක්‌ ගමන් කරන්න ඕන. ඊට පහුවෙනිදාත් අබුඩාබිවල තරඟයක්‌ තිබුණොත් කණ්‌ඩායමක්‌ තවත් වෙහෙසට පත්වෙනවා. මම දන්නෙ නැහැ ආසියානු ක්‍රිකට්‌ සම්මේලනය අරගෙන තියෙන ක්‍රියාමාර්ගය මොකද්ද කියලා.\"
 
කෙසේ වෙතත් සුපිරි හතර වටයේ තරඟ කාල සටහන වෙනස්‌ කිරීම හේතුවෙන් ඉන්දියාවට අබුඩාබිවලදී එකඳු තරඟයකට හෝ සහභාගි වීමට අවස්‌ථාව නොලැබෙනවා.

ඔවුන්ගේ විවේකය උදෙසා කාල සටහන වෙනස්‌විමෙන් සියලුම තරඟ ඩුබායිහිදී පැවැත් වෙන බැවින් පැය එකහමාර බැගින් දෙවතාවක්‌ සංචාරය කිරීමට සිදුවන්නේ නැහැ.

නමුත් අනිත් කණ්ඩායම් තුනට ඩුබායි සිට අබුඩාබි දක්‌වා ගමන් කරමින් තරඟවලට සහභාගිවිමට සිදුවීම විශේෂත්වයක්.