වරදක් සිදුවූ බව දසුන් ශානක පිළිගනී

Sunday, 21 October 2018 - 7:45

%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තිසර පෙරේරා සහ තමන් තවදුරටත් කඩුල්ලේ රැඳී සිටියේ නම් එංගලන්තය සමග ඊයේ පැවති 4 වන එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට ඊට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවකට යාමට හැකියාව තිබූ බව තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පවසනවා.

තරගය ඩක්වත් ලූවිස් න්‍යායට අනුව පරාජයට පත්වීමෙන් අනතුරුව මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊයේ තරගයේදී තමාගේ අතින් විශාල වරදක් සිදුවූ බවයි.

තමාගේ දුවද්දී දැවීයාමට හේතු වූයේ ලකුණක් නොමැති අවස්ථාවක එය ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් බවයි සඳහන් කළේ.