ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කණ්ඩායම් හැඟීම ගිලිහේ

Sunday, 06 January 2019 - 7:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%9F%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%9A
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කණ්ඩායම් හැඟීම ගිලිහීයාම පිළිබඳව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පිල සැමවිටම ජයග්‍රහණය ආසන්නයෙන් නතරවීම ගැන අදහස් දැක්වූ ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල්ඩ්  ආනෝල්ඩ් කියා සිටියේ සදාචාරය සහ ඉලක්කයන් පිළිබඳව ක්‍රීඩකයන් අවධානය යොමුකළ යුතු බවයි.

කුමන පසුබිමකින් පැමිණියද කවර පසමිතුරුකම් පැවතුනද, සියල්ලන් පොදු අරමුණකින් එක්ව කටයුතු කළ යුතුයි.

එලෙස සියයට සියයක් ශක්තිය යෙදවීමෙන් ජයග්‍රහණය සහ පරාජය අතර සීමාව පිරවිය හැකි බව ආනෝල්ඩ් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළා.

එක් එක් ක්‍රීඩකයාට එරෙහිව නොව එක්ව ක්‍රීඩා කිරීමෙන් සියල්ලන්ටම සතුටුවිය හැකි ප්‍රතිඵලයක් අත්වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරු මහේල ජයවර්ධන  කියා සිටියේ නවසීලන්තය සමඟ පැවති පසුගිය එක්දින තරග දෙකේදී එක් එක් ක්‍රීඩකයන්ගේ දස්කම් ඉදිරියට පැමිණි බවයි.

කුසල් ජනිත් පෙරේරා පළමු එක්දින තරගයේදීද, තිසර පෙරේරා දෙවන තරගයේදීද විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වුණා.

එහෙත් ඒකාබද්ධ ප්‍රයත්නයකින් කණ්ඩායම ගොඩගැනීමට හැකිවූයේ නැහැ.

ඍණාත්මක සිදුවීම්වලට වඩා ධනාත්මක සිදුවීම් බහුලයි.

තවදුරටත් වැඩිදියුණු විය යුතු දෑ තිබුණද නිසි මගට යොමුවූ බවක් පෙනී යන්නේ යැයි මහේල කියා සිටියා.

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් අතර සීතල යුද්ධයක් පවතින බව පසුගියදා සමාජ මාධ්‍ය හරහා තොරතුරු වාර්තාවුණා.

ශ්‍රී ලංකා එක්දින සහ පන්දු වාර විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ බිරිඳ බවට පැවසෙන ෆේස්බුක් ගිණුමක් තුළ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සිය ස්ථානය රැකගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවට ගිය බවක් සඳහන් වුණා.

එහි නමක් සඳහන් නොවූවත්, පැන්ඩෙකුගේ පින්තූරයක් යොදමින් ‘‘අසරණ පැන්ඩා’’ ලෙස සඳහන් කිරීමට මාලිංගගේ බිරිඳ කටයුතු කර තිබූ බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කළා.

එහෙත්  ඊට පසුදින තිසර පෙරේරාගේ බිරිඳගේ බව පැවසෙන ෆේස්බුක් ගිණුමක ඊට ප්‍රතිචාර දක්වා තිබුණා.

එමෙන්ම ඊයේ දෙවන එක්දින තරගයට පෙර තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ සිය ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා කිසිවෙකු පසුපස යාමට අවශ්‍ය නොවන බවයි.

මේ අතර ටෙස්ට් පන්දු යැවීමේ ලෝක වාර්තාව උසුලන ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හැටන් ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබුවා.

එහිදී ඔහු වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ පරිපාලකයින් පමණක් නොව ක්‍රීඩකයින්ද ක්‍රිකට් ක්‍රීඩාව අද පත්ව ඇති තත්ත්වයට වගකිව යුතු බවයි.

\"\" \"\"