ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ පසුගිය දා පළ වූ වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය සහ ක්‍රීඩකයින් අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ඡා සිදුකෙරෙන බවයි.
ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් අතර සීතල යුද්ධයක් පවතින බව පසුගියදා සමාජ මාධ්‍ය හරහා තොරතුරු වාර්තාවුණා.
ශ්‍රී ලංකා එක්දින සහ පන්දු වාර විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ බිරිඳ බවට පැවසෙන ෆේස්බුක් ගිණුමක් තුළ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සිය ස්ථානය රැකගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවට ගිය බවක් සඳහන් වුණා.
එහි නමක් සඳහන් නොවූවත්, පැන්ඩෙකුගේ පින්තූරයක් යොදමින් ‘‘අසරණ පැන්ඩා’’ ලෙස සඳහන් කිරීමට මාලිංගගේ බිරිඳ කටයුතු කර තිබූ බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කළා.
එහෙත් ඊට පසුදින තිසර පෙරේරාගේ බිරිඳගේ බව පැවසෙන ෆේස්බුක් ගිණුමක ඊට ප්‍රතිචාර දක්වා තිබුණා.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති දෙවන එක්දින තරගයට පෙර තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ සිය ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා කිසිවෙකු පසුපස යාමට අවශ්‍ය නොවන බවයි.