තිසර යළිත් හිස ඔසවද්දී අවසන් එක්දින තරඟයේ ජය පැරදුම විසඳුනේ මෙහෙමයි

Tuesday, 08 January 2019 - 11:11

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%94%E0%B7%83%E0%B7%80%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා - නවසීලන්ත තුන්වන එක්දින තරඟය ලකුණු 115කින් ජයගන්නට නවසීලන්ත කණ්ඩයම අද සමත්වුනේ තරඟාවලිය තරඟ 3-0ක් ලෙස ජයගනිමින්.

මේ තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකණු 364ක් රස්කලා.

රොස් ටේලර් ලකුණු 137යි.

හෙන්රි නිකලස් නොදැවී ලකුණු 124යි.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 93කට කඩුලු 3ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 41.4කදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 249ක් පමණයි.

යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා ලකුණු 80ක් රැස්කළේ හතරේ පහර 7ක් හයේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේදී ලෝකී ෆර්ගසන් කඩුලු 4ක් දවාගත්තා.

අවසන් තරඟයේ වීරයා රෝස් ටේලර්.

\"\" \"\"