කෝලි තුන්වන වරටත් විශිෂ්ඨයා වෙයි

Thursday, 11 April 2019 - 7:26

%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
2018 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි නම් කිරීමට ලෝක ප්‍රකට විස්ඩන් සඟරාව කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේ පිතිකරුවෙකු ලෙස ඔහු ලකුණු 2735 ක් රැස් කරගෙන ඇත්තේ 68.37 ක දළ වේගයක් රඳවාගනිමින්.

ඊට ශතක 11 ක් ඇතුළත්.

විරාට් කෝලි 2017 සහ 2016 වසරේදීද දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් සඟරාව නම් කර තිබුණා.

2018 වසරේ ක්‍රීඩිකාව ලෙස ඉන්දීය කණ්ඩායමේ ශ්‍රීමති මන්දනා තෝරාගෙන ඇති අතර, එම වසරේ පන්දු වාර විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ රෂීඞ් ඛාන් නම් කර තිබෙනවා.