ලෝක කුසලානයට එන සත්කාරකයින් සිය සංචිතය නම් කරයි, ප්‍රබලයෙක් ඉවතට

Wednesday, 17 April 2019 - 17:28

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියට සහභාගී වන එංගලන්ත සංචිතය අද(17) ප්‍රකාශයට පත් කල අතර එම සංචිතයට මේ දිනවල IPL පිටියේ සුපිරි දක්ෂතා දක්වන බාබඩෝස් ජන්ම ලාභියෙක් වී එංගලන්ත පුරවැසියෙක් බවට පත් වූ .ජෝෆ්රා ආර්චර් නම් කර නැහැ.

ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් ලෝක කුසලානයට පිවිසෙන 15 දෙනෙක් සමන්විත එංගලන්ත සංචිතයට උප නායකයෙකු නම් කර නැහැ.

සංචිතයට ඇතුලත් අනෙකුත් ක්‍රීඩකයන් වන්නේ මොයින් අලී, ජොනී බෙයිස්ටෝව්, ජෝස් බට්ලර්, ටොම් කරන්, ජෝ ඩෙන්ලි, ඇලෙක්ස් හෙල්ස්, ලියම් ප්ලන්කට්,අදිල් රෂිඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, ඩේවිඩ් විලේ, ක්‍රිස් වෝක්ස් සහ මාර්ක් වුඩ්.

ලබන 23 වෙනිදාට පෙර ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කල යුතු නිසා මෙම 15 දෙනා ලෝක කුසලාන සංචිතය ලෙස ප්‍රකාශයට පත් කලද පකිස්ථානය සමග එක්දින තරඟාවලියට නම් කල 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ සිටින අනෙක් ක්‍රීඩකයින් දෙදෙනාටද ලෝක කුසලාන සංචිතයට එක්වීමේ අවස්ථාව ඇති බවයි එරට තේරීම් කමිටුව පෙන්වා දෙන්නේ.

එම සංචිතයට ජෝෆ්රා ආර්චර් සහ ක්‍රිස් ජෝර්ඩ්න් නම් කර තිබෙනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය ලබන මස 30 වෙනිදා එංගලන්තය සහ වේල්සය කේන්ද්‍ර කරගනිමින් අරම්භවීමට නියමිතයි.