ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Thursday, 18 April 2019 - 13:56

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
2019  ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගිවන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද නම් කරනු ලැබුවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා පිතිකරුවන් ලෙස නම් කර ඇති අතර ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන නම් කර ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩයකයින් ලෙසයි.

ලසිත් මාලිංග, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් වේග පන්දු යවන්නන් ලෙස නම් කර තිබෙනවා.

ජෙෆ්රි වැන්ඩර්සේ නම් කර ඇත්තේ දග පන්දු යවන්නා ලෙසයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර අත්දැකිම් ඇති ක්‍රීඩකයින් දෙදෙනෙකු වන දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග මෙන්ම දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සංචිතයට ඇතුලත් කර නොතිබීම විශේෂත්වයක්.

 ඕෂධ ප්‍රනාන්දු,ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත සහ වනිදු හසරංග ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් ගෙන් පසු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකත්වයේ කටයුතු කල ලසිත් මාලිංග මෙවර ලෝක කුසලානයේදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති බවට විවිධ අදහස් පළ වුණා.

එහෙත් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට ලබාදීමටයි ක්‍රිකට් ආයතනය කටයුතු කලේ.

කෙසේ වෙතත් 2019 ලෝක කුසලානයට නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මාලිංග ද එක්ව සිටිනවා.

කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක කුසලාන තරගාවලියට එක්වීම සම්බන්ධයෙන් සිය තීරණය දැනුම් දෙන්නේ යැයි ඔහු තමන් සමඟ ප්‍රකාශ කල බවයි තේරිම් කමිටු සභාපති අසන්තා ද මෙල් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.




\"\"

\"\"