ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත තරගය අතහැර දැමේ

Sunday, 19 May 2019 - 8:25

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර එඩින්බරෝ හි ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය අතහැර දැමුණා.

ඒ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. තරගයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මේ නිසා ශ්‍රී ලංකා පිලට ලෝක කුසලාන තරගාවලියට පෙර පෙරහුරු තරගයක් අහිමිවන අතර, ජූනි 1 වනදා නවසීලන්තය සමඟ පැවැත්වෙන ලෝක කුසලාන තරගයට පෙර ඒ සඳහා අවස්ථාවක් සැළසෙන්නේ අඟහරුවාදා පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී පමණයි.

කෙසේ නමුත් ඉදිරි දින දෙක තුළදීද එඩින්බරෝ හි වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන නිසා එම තරගයද අවිනිශ්චිත බවයි ස්කොට්ලන්තයෙන් ලැබෙන වාර්තා සඳහන් කළේ.