ස්කොට්ලන්තයට 323 ක ඉලක්කයක්

Tuesday, 21 May 2019 - 19:52

%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+323+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර දෙවන එක්දින තරගය එඩින්බරෝ හිදි දැන් ක්‍රියාත්මකයි.

කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා.

ශ්‍රී ලංකා පිල නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු  08 ක් දැවී ලකුණු 322 ක් රැස් කළා.

එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 77 ක්ද,  අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74 ක්ද ලබාගත් අතර, කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 66කටයි.

ඊට අමතරව ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 44 ක් රැස් කළා.