ලසිත් මාලිංගට සහ ඉසුරු උදානට කොදෙව් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදී කෝටි ගණනක වටිනාකමක්

Thursday, 23 May 2019 - 11:31

%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන ද එක්ව තිබෙනවා.

ඊයේ ලන්ඩන් නුවර පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී මාලිංග ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.8ක් හෙවත් ඇමරිකානු ඩොලර් 160,000ක මුදලකට ශාන්ත ලුසියා කණ්ඩායම මිලදී ගත අතර ඉසුරු උදාන එම මුදලටම ශාන්ත කිට්ස් කණ්ඩායම මිලදී ගත්තා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් මේ තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් එක්වන අනෙක් ක්‍රීඩකයින් වන්නේ තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල සහ සීක්කුගේ ප්‍රසන්න.

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 21වෙනිදා සිට සැප්තැම්බර් 27 දක්වා පැවැත්වීමට නියමිතයි.