නුවන් ප්‍රදීප් අබාධයකට ලක්වෙයි

Sunday, 09 June 2019 - 16:48

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන එක්දින තරඟාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් අද (09) පැවති පුහුණු සැසියකදී ආබාධයකට ලක්ව තිබෙනවා.

ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මොහුගේ දකුණු අතේ සුළැගිල්ල බිදී යාමකට ලක්ව ඇති බවයි.

නුවන් ප්‍රදීප් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර, යම් හෙයකින් ඔහුට තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවුවහොත් කසුන් රාජිත, ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇති.

ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරඟය අනිද්දා බංග්ලාදේශය සමඟ බ්‍රිස්ටල් හිදී පැවැත්වෙනවා.