හෂිම් අම්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී

Friday, 09 August 2019 - 7:45

%E0%B7%84%E0%B7%82%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ හෂිම් අම්ලා වසර 15කට පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කළා.

කෙසේ වෙතත්, ඔහු අන්තර් සමාජ මට්ටමේ තරඟවලට ඔහු තවදුරටත් සහභාගි වනු ඇති.

ටෙස්ට් තරඟ 124 ක ඉනිම 215 කදී ලකුණු 9,282ක් රැස්කර ඇති ඔහු, එක්දින තරඟවලදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 8113 ක්. දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් එනම්, ශතක 27ක් ඔහු රැස්කරගෙන තිබෙනවා.

හෂිම් අම්ලා සහභාගි වූ අවසන් ජාත්‍යන්තර තරඟය වූයේ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයයි.

දකුණු අප්‍රිකාව කඩුලූ 9ක ජයක් වාර්තා කළ එම තරඟයේදී අම්ලා නොදැවී ලකුණු 80ක් රැස් කළා.