අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන, යළි සැකයක්

Tuesday, 20 August 2019 - 11:07

%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD+%E0%B6%B0%E0%B6%B1%E0%B6%82%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ගාල්ලේ පැවති ටෙස්ට් තරඟයෙන් අනතුරුව වාර්තා කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ප්‍රකාශ කළා.

ඒ අනුව ඔවුන්ට දින 14ක් ඇතුළත පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට යොමු විය යුතුයි. එතෙක් ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට සහභාගිවීමට බාධාවක් පවතින්නේ නැහැ.

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන මීට පෙර ද අයි.සී.සී. ය වෙත වාර්තා කර තිබූ අතර, ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසු ඔහුට නැවතත් තරඟවලට සහභාගිවීමට අවස්ථාව හිමි වුණා.

ඒ අනුව ඔහුට මෙලෙස පන්දු යැවීමේ ඉරියව්ව පිළිබදව චෝදනා එල්ල වී ඇත්තේ දෙවන වතාවටයි.

මේ අතර, ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 3 සඳහා නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් සහ ටේ‍රන්ට් බෝල්ට් සහභාගි නොවන බව නවසීලන්ත ක්‍රිකට් කළමනාකාරීත්වය නිවේදනය කළා.

සැප්තැම්බර් 1 වන දා ආරම්භ වන තරගාවලිය සඳහා නවසීලන්තය ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කරනු ලැබුවා.

එම පිළ මෙහෙය වනු ලබන්නේ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුදී විසින්.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතයට ඉෂ් සෝධි, මිචෙල් සැන්ට්නර් සහ ටොඞ් ඇසල් යන විශේෂිත දග පන්දු යවන්නන් 3 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.