අඩි 600 ක් ගැඹුරැති මාතලේ රිවස්ටන් පුංචි ලෝකාන්තය අඩුම කාලයකින් බැස නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මෙරට කඳු බැසීමේ ශූරයෙකු වන කොස්ගොඩ නිලන්ත ද සොයිසා අද සමත්වුණා.
තත්පර 57 ක් තුළ බැස මෙලෙස බිඳ හෙලනු ලැබුවේ 2006 වසරේදී ඔහු විසින්ම විනාඩියයි තත්පර 23 කදී තබා තිබූ වාර්තාවයි.
අඩි 3700 ක් උස නුවරඑළිය ලෝකාන්තයෙන් බැස වසර විස්සක් සපිරීම නිමිත්තෙනුයි ඔහු මෙම ක්‍රියාව සිදුකරනු ලැබුවේ.
අද උදෑසන 9 යි විනාඩි 9 යි තත්පර 9 ට කඹයක් ආධාරයෙන් රිවස්ටන් පුංචි ලෝකාන්තයෙන් බසිනු ලැබූ නිලන්ත සොයිසා මේ වනවිට බැස ඇති කඳු සංඛ්‍යාව 7ක්.
2009 වසරේදී එවරස්ට් මූලකඳු වැටියද තරණය කළ ඔහුට ඒ සඳහා දින 25 ක කාලයක් ගතවුණා.