සෆ්රාස් අහමඩ් නායකත්වයට

Saturday, 14 September 2019 - 13:06

%E0%B7%83%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින සහ පන්දු වාර විස්ස තරගාවලිය සඳහා පාකිස්තානයේ නායකත්වයට සෆ්රාස් අහමඞ් නම් කර තිබෙනවා.

එසේම එහි උප නායකත්වය හිමි වී ඇත්තේ බාබර් අසාම්ටයි.

සෆ්රාස් අහමඞ් එරට නායකත්වයෙන් ඉවත් වන බවට පසුගිය දිනවල වාර්තා පළ වුණා.

තරගාවලියට එක්වන පාකිස්තාන සංචිතය ලබන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

දෙරට අතර එක්දින සහ විස්සයි 20 තරඟ 03 බැගින් පැවැත්වෙන අතර එක්දින තරඟාවලිය මේ මස 27 වනදා ආරම්භ වීමට නියමිතයි.

විස්සයි විස්ස තරඟාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන මස 05 වනදායි.