පාකිස්ථානය එක්දින සංචිතය නම් කරයි

Sunday, 22 September 2019 - 8:11

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා පාකිස්ථාන ක්‍රිකට් සංචිතය ඊයේ නම් කරනු ලැබුවා.

සෆ‍්‍රාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන එක්දින සංචිතයට ඉෆ්තිකාර් අහමඩ්, මොහොමඩ් රිස්වාන් සහ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන මොහොමඩ් නවාස් යළි කැඳවීමටයි පාකිස්ථාන නව පුහුණුකරු සහ තේරීම් කමිටු ප්‍රධානී මිස්බා උල් හක් පියවර ගෙන ඇත්තේ.

වේග පන්දු යවන ක්‍රීඩක ෂහීඩ් ෂා අෆ්රිඩි ඩෙංගු රෝගයට ගොදුරුවීම නිසා සංචිතයට ඇතුළත් කර නොමැති අතර, හසන් අලි ද කායික ආබාධයක් හේතුවෙන් ඊට ඇතුළත් කර නැහැ.  

පාකිස්ථාන ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වූ මොහොමඩ් හෆීස් ද සංචිතයට ඇතුළත් නොවීම විශේෂත්වයක්.