එක්දින තරගාවලියේ ජය පකිස්ථානයට

Wednesday, 02 October 2019 - 23:42

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තෙවන සහ අවසන් එක්දින තරගය කඩුළු 5කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ලහිරු තිරිමාන්නයි.

ඒ අනුව කරච්චි තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 297 ක් රැස්කලා.

සිය එක්දින තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 133ක් ලබා ගත්තේ හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමගින්.

අවසන් පන්දුවාර කිහිපය තුළ ඉනිමට වේගය එක් කළ දසුන් ශානක පන්දු 24 කින් ලකුණු 43 ක් රැස්කළා.

පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ කඩුලු ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මේ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ජය 2ට බින්දුවක් ලෙසට පකිස්ථානයට හිමිවුනා.